Wednesday, June 20, 2018

විනාඩි පහෙන් ලස්සනට සාරිය අඳින හැටි (Video එක්ක)

අපි දන්නවානේ fashion ලෝකෙට හැමදාම වගේ අලුත් විලාසිතා එකතු වෙනවා කියලා. කොච්චර විලාසිතා වර්ග එකතු වුනත්, ලංකාවේ අපිට නම් "සාරි විලාසිතාව" එපා වෙන්නේ නෑ නේද? විශේෂ උත්සව වලට, කාර්යාලයේ විශේෂ දිනයන් වලට, අපේ තරුණියන් සාරියකින් සැරසෙන්න ගොඩක් කැමතියි කියලා අපි දන්නවා. හැබැයි, අද කාලේ ඉන්න ගොඩක් ගෑණු ළමයි කොහොමද සාරියක් අදින්නේ කියලා හරියට දන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි හිතුවා, "කොහොමද සාරියක් අදින්නේ" කියලා ඔයාලට කියා දෙන්න.


සාරිය අදින්නට පෙර, අවශ්‍ය කරන සියල්ල ලං කරගෙන ඉන්න එක ඔයාලට ලේසියි.

අවශ්‍ය දෑ: සාරි හැට්ටය, සාරියට අදින යට සාය, සාරියට පළදින සපත්තු, ආභරණ. කොණ්ඩ මෝස්තරයට අවශ්‍ය දෑ, බොබී පින් සහ අනෙකුත් කටු.

සාරියක් ඇඳීමේ පියවර:

පියවර 01: මුලින්ම සාරි හැට්ටය සහ යට සාය ඇඳ ගන්න. (මෙහිදී, සාරි හැට්ටය ඔයාගේ ඇගට හරියට match වෙන්න ඕනා වගේම, යට සාය ඔයාගේ සාරි එකේ පාටට match වෙන්න ඕනි.යට සායද හොදින් හිර වෙන්න ඇද ගන්න.)

පියවර 02: සාරිය අදින්න කලින්, ඔයා සාරියට පළදින්න ඉන්න සපත්තු දෙක පැළද ගන්න. සාරියේ උස ප්‍රමාණය දැන ගන්න ඒක ගොඩක් වැදගත්.

පියවර 03: දැන් සාරියේ කොණකින් අල්ලා, සාරි පොටට එන මෝස්තරය කොයි පැත්තේද කියලා හොදින් බලා ගන්න.

පියවර 04: දැන් "සාරි පොටට එන පැත්ත නොව සාරියේ අනිත් කොණ (උඩ කොණ)" ගෙන ඔයාගේ යට සායේ දකුණු පැත්තට වන්න හොදින් ගසා ගන්න. ඉන්පසු එක්වරක් සාරිය ඔයාගේ ඉනවටා ඔතා ගන්න (එයද ඉනට හොදින් fix කර ගන්න).

පියවර 05: නැවත වරක් සාරිය ඉනවටා ඔතා ගන්න (නමුත් මෙවර එය ඉනට ගසා ගන්න එපා). ඒ වගේම සාරියේ පොටට එන කොටස දැන් ඔයාගේ වම් උරහිසට දමා ගෙන ඔයාට අවශ්‍ය උසට සාරි පොට ගෙන එය උරහිසෙන් fix කරගන්න (ඔයාට කැමති නම් සාරියේ පොට රැළි කල හැකියි, නැත්නම් සාරි පොට කඩා වැටෙන්නත් දැමිය හැකියි).

පියවර 06: උරහිසෙන් සාරි පොට ගසා ගත් පසු, එතැන් පටන් ඉනට වනතෙක් සාරිය අවශ්‍ය පරිදි ගෙන, ඉනේ මැදට අඟල් 3-4ක් වමට වෙන්න, සාරි රෙද්ද ඇඟට හොදින් තද වන ලෙස ගසා ගන්න.

පියවර 07: දැන් සාරියේ ඉතිරි වී තිබෙන මැද කොටසින්, අවශ්‍ය සාරි රැළි ටික (සාරි රැළි 5-6ක් පමණ) සාදා ගන්න.

පියවර 08: දැන් රැළි ටික හොදින් ඉනට ගසා ගන්න.

පියවර 09: දැන් සාරියට ගැළපෙන සේ අවශ්‍ය ආභරණ, make-up දමා ගන්න.

"සන්රස" ලියන මං කොල්ලෙක් නිසා සාරි අඳින හැටි දන්නෑනෙ, ඒ හින්දා මං මේක ඉස්සුවා මෙතනින්
http://lifelankanews.blogspot.com/2016/08/blog-post_62.html

1 comment:

  1. ලක්මිණිAugust 27, 2026 at 2:43 AM

    මම තරුණ කාලේ ඇදපු සාරියක් මගේ පුතාට අන්දවලා හැඩ බලලා තියනවා. මට දැන් ඒ හැට්ටේ යි යට සායයි මගේ ඇගට ගොඩක් හිරයි. ඒ නිසා මං ඒ සාරියයි හැට්ටෙයි පුතාට දුන්නා. එයා සමහර දවස් වලට ඒ සාරිය ගෙදරට ඇදගෙන ඉන්නවා. මට ඉතින් දුවෙක් නැති නිසා මට ඉන්න එකම කොල්ලා හරි සාරියක් ඇදලා මගේ ඉස්සරහා ඉද්දී මට දුවෙක් නැති අඩුව කවදාවත් දැනිලා නෑ. 😇🥰🥰

    ReplyDelete